සිය ඉහළම 20යි 20 හඹා යාම සනිටුහන් කරමින් පාකිස්තානය 3-0ක් ලෙස තරගාවලිය දිනයි

Date:

ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් පිටියේ සිය ඉහළම සාර්ථක හඹා යාම සනිටුහන් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානය අද(16) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් පාකිස්තානය කඩුලු 7ක වාර්තාගත ජයක් ලැබීමත් සමගයි.

කරච්චිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 207ක් ලබා ගනිමින්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරාන් පන්දු 37කින් වේගවත් ලකුණු 64ක් රැස් කළා.

හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කින්ග් ලකුණු 43(21)ක් ද, ශමර්හ් බෘෘක්ස් ලකුණු 49(31)ක් ද ලබා ගනිමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුණා.

ඩැරන් බ්‍රාවෝ ලකුණු 34ක් නොදැවී රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් වසීම් කඩුලු 2ක් හා ශහ්නවාස් දහානි එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා මොහොමඩ් රිස්වාන් හා බබාර් අසාම් ගොඩ නැගූ සබදතාවය පන්දුවාර 15.1කින් ලකුණු 158ක්.

බබාර් පන්දු 53කින් ලකුණු 79ක් රැස් කළා.(6×2, 4×9)

රිස්වාන් පන්දු 45කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 87ක්.(6×3, 4×10)

අසිෆ් අලී පන්දු 7කින් ලකුණු 21ක් නොදැවී ලබා ගනිමින් පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියා.

ඒ අනුව පාකිස්තානය සාර්ථකව හඹා ගිය ලකුණු 208ක ලකුණු සංඛ්‍යාව ඉතිහාසයට එක් වුණේ ඔවුන් ජාත්‍යන්තර 20යි 20 තරගයකදී හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ALSO READ : 9 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොදෙව් – පාකිස්තාන එක්දින තරගාවලිය අත්හිටුවයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...