‘සංචිත සීමාවන්, ප්‍රේක්ෂකයින්, ආදේශ කිරීම්’ – IPL ​වැදගත් තීන්දු තීරණ මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සෑම කණ්ඩායමකම සංචිතයක් සදහා උපරිමය ක්‍රීඩකයින් 24 දෙනෙකු විය යුතු බවට වන සීමාවක් සංවිධායකයින් විසින් පනවා තිබෙනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ(2) පැවැති IPL පාලක සභා රැස්වීමේ දී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

IPL නිල වෙබ් අඩවියේ දත්ත ප්‍රකාරව කිංග්ස් එලවන් පන්ජාබ්, රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිදරාබාද් යන කණ්ඩායම්හි සංචිතවල මේ වන විටත් ක්‍රීඩකයින් 25 දෙනෙකු බැගින් පසුවනවා.

ඒ අනුව එම කණ්ඩායම් කුමක් කළ යුතු ද යන්න විසදාගත යුතු ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

එමෙන්ම සීමාරහිතව කොරෝනා වෛරසය පදනම් කර ගනිමින් ක්‍රීඩක ආදේශ කිරීම් සිදු කිරීමට ද IPL පාලක සභාවේ අනුමැතිය හිමිව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

තරගයක් අතරතුර දී ක්‍රීඩකයෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔහු තරගයෙන් වහාම ඉවත් කර, ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සදහා අවසර ලබා දීමයි මෙහිදී සිදුව ඇත්තේ.

මෙවර තරගාවලිය දින 53 ක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර, පසුගිය තරගවාර ද්විත්වය හා සැසදීමේ දී එය දින 3ක වැඩි වීමක්.

මෙවර තරගාවලියේ පළමු අදියරේ තරග ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වෙනු ඇති.

ප්‍රේක්ෂකාගාරයෙන් 30 – 50% අතර ප්‍රමාණයක් විවෘත කිරීමට ද මේ වන විට එමිරේට්ස් ක්‍රිකට් ආයතනය කැමැත්ත පල කර තිබෙනවා.

තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් 10 වනදා පැවැත්වෙන අතර, IPL තරගාවලියක අවසන් තරගයක් සතියේ දිනක(අගහරුවාදා) පැවැත්වෙන පළමු අවස්ථාව මෙය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

මෙවර තරගාවලිය ඉන්දීය රජයේ අනුමැතියට යටත්ව සැප්තැම්බර් 19 වනදා ආරම්භ වීමට නියමිත අතර, සියලු තරග සාජා, ඩුබායි සහ අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

එහිදී දිවා තරග 10ක් පැවැත්වෙන අතර, එම තරග මෙරට වේලාවෙන් 15:30ට ආරම්භ වනු ඇති.

රාත්‍රී කාලයේ දී පැවැත්වෙන තරග ආරම්භ වන්නේ 19:30 ටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...