රංගන හේරත්ට නවසීලන්තයේ දී කොරෝනා ආසාදනය වෙයි

Date:

බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු රංගන හේරත්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයක නිරතව සිටින අතර, එරටදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ඔහුගේ නිරෝධායන කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට ද අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ සංචිතයේ සාමාජිකයින් ගමන් ගත් ගුවන් යානයේ කොවිඩ් 19 ආසාදිතයෙකු සිට ඇති අතර, ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගත් ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකුට, වැඩි කාලසීමාවක් නිරෝධායනයේ නිරත වීමට ද මේ වන විට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

නවසීලන්තය හා බංග්ලදේශය අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...