දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කමින්ස් තහවුරු කරයි

Date:

එංගලන්තය සමග හෙට(16) ආරම්භ වන දෙවැනි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා සිය කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් සිදු කරන බව ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පවසනවා.

ඒ අනුව ආබාධයකට ලක් වූ ජොෂ් හේසල්වුඩ් වෙනුවට ජයි රිචර්ඩ්සන් හෙට තරගයට ක්‍රීඩා කරන බවයි ඔහු සදහන් කළේ.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ද යම් ආබාධයකට ලක්ව සිටියත්, ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

වෝනර් මෙම තරගයට ක්‍රීඩා කරන බැවින් 2019 වසරේ දී අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ උස්මාන් කවාජාට යළි ටෙස්ට් කණ්ඩායමට එක් වීම සදහා තවදුරටත් බලා සිටීමට සිදු වනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ඇඩිලේඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.

Australia XI:

Marcus Harris, David Warner, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (c), Mitch Starc, Nathan Lyon, Jhye Richardson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...