විරාට් එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි ?

Date:

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දකුණු අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සිය දියණියගේ පළමු උපන් දිනය යෙදී ඇති බැවින් ඔහු අදාළ තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

එක්දින තරගාවලියෙන් ඉවත් වීමට අදාළව ඉල්ලීමක් කෝලි විසින් එරට ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් සිය තීරණය ප්‍රකාශයට පත් කර නැහැ.

මේ අතර, ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරන රෝහිට් ෂර්මාට එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව සදහන්.

ඔහුගේ වම් පාදයේ ආබාධ තත්ත්වය සුව වීමට මාසයක පමණ කාලයක් ගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ෂර්මා එරට එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් වීමෙන් පසුව ඔහු ක්‍රීඩා කිරීමට නියමිත පළමු එක්දින තරගාවලිය වන්නේ ද දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියයි.

එළඹෙන 26 වනදා ආරම්භ වන ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජනවාරි 19 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...