පළමු 20යි 20න් පාකිස්තානයට ලකුණු 63 විශිෂ්ඨ ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(13) සමත් වුණා.

කරච්චි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 200ක් රැස් කළා.

බබාර් අසාම් ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය අතර, මොහොමඩ් රිස්වාන් පන්දු 52කින් ලකුණු 78ක් ලබා ගත්තා.

හෙයිදර් අලී පන්දු 39කින් වේගවත් ලකුණු 68ක් වාර්තා කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් සමගින්.

මොහොමඩ් නවාස් පන්දු 10කින් නොදැවී ලකුණු 30යි.

පන්දු යැවීමේ දී Romario Shepherd ලකුණු 43කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 137ක් පමණයි.

ෂේයි හෝප් ලකුණු 31ක්, ඔඩියන් ස්මිත් ලකුණු 24ක් හා රොව්මන් පවෙල් ලකුණු 23ක් රැස් කළා.

නායක නිකලස් පූරාන් ලකුණු 18කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මොහොමඩ් වසීම් ලකුණු 40කට කඩුලු 4ක් බිද හෙලූ අතර, ශඩාබ් ඛාන් ලකුණු 17කට කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...