මහේල ජයවර්ධන පුහුණු උපදේශක ලෙස පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණු උපදේශක ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

ලබන ජනවාරි පළමු වැනිදා සිට ඔහු එම ධූරයේ කටයුතු ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

වසරක කාලයක් ඔහු පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ උපදෙස් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන කටයුතු කළා.

මහේලට නව ධූරයක් ලබා දී ඇතත්, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශක ලෙස ඔහු ඉදිරියටත් කටයුතු කරනු ඇති.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී ලබන වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලානය අරමුණු කර ගනිමින් මාස පහක කාලයක් සදහායි මහේල ජයවර්ධනට එම වගකීම මීට පෙර ලබා දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...