ප්‍රබල ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නාට දෙවැනි අලුබදුන ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

දෙරට අතර බොක්සිං දිනයේ දී (දෙසැම්බර් 26) ආරම්භ වන ටෙස්ට් තරගය සදහා හේසල්වුඩ්ට ක්‍රීඩා කළ හැකි ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කරනු ඇති.

මිචෙල් ස්ටක් හා පැට් කමින්ස් හැරුණු විට ඔස්ට්‍රේලියානු සංචිතයේ මේ වන විට රැදී සිටින සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන්නේ මයිකල් නෙසර් හා ජයි රිචර්ඩ්සන් යන ක්‍රීඩකයින්.

අලුබදුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස එළඹෙන 16 වැනිදා ඇඩිලේඩ්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...