පාකිස්තානයට පැමිණි කොදෙව් ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

Date:

පාකිස්තාන තරග සංචාරයක් සදහා එරටට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

පාකිස්තානයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදීයි ඒ බව තහවුරු වී ඇත්තේ.

ඒ අනුව එම ක්‍රීඩකයින් මේ වන විට හුදෙකලා කර තැබීමට කටයුතු කර ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇත්තේ ශෙල්ඩන් කොට්‍රෙල්, රොස්ටන් චේස්, ක්යිල් මේයර්ස් යන ක්‍රීඩකයින්ටයි.

ඔවුන්ට අමතරව කණ්ඩායම් කළමණාකාරීත්වයට සම්බන්ධ සාමාජිකයෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බැවින් මෙම තරග සංචාරයේ කිසිදු තරගයක් සදහා ඔවුන් සම්බන්ධ නොවන බව කොදෙව් ක්‍රිකට් ආයතනය කියා සිටියා.

වෛරසය ආසාදනය වූ සිව් දෙනා දින 10ක කාලයක් හුදෙකලා කර තැබීමට නියමිත අතර, කොවිඩ් 19 වෛරසය ශරීරියේ නොමැති බවට වෛද්‍ය පරීක්ෂණයකින් ද සමත් වීමට ඔවුන්ට ඉදිරියේ දී සිදු වනු ඇති.

මෙම තරග සංචාරයේ දී කොදෙව්වන් හා පාකිස්තානය අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය හෙට(13) කරච්චි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...