චන්දිමාල්ගේ හුදෙකලා සටන අපතේ යවමින් ස්ටාර්ස් කණ්ඩායමට ලකුණක තියුණු පරාජයක්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි පරාජය ද ලැබීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට අද(11) සිදු වුණා.

ඒ, තරගාවලියේ 11 වැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හමුවේ එක් ලකුණක තියුණු පරාජයකට ලක් වීම හේතුවෙන්.

  • Dambulla Giants 138/9 (20)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 138ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල පන්දු 16කින් වේගවත් ලකුණු 30ක් රැස් කළ අතර, පිල් සෝල්ට් ලකුණු 21ක් ලබා ගත්තා.

සොහයිබ් මක්සූද් ලකුණු 24යි. නායක දසුන් ශානක ලකුණු 16ක් ද, චාමික කරුණාරත්න ලකුණු 12ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී රවී රාම්පෝල් හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3 බැගින් බිද හෙලුවා.

සීක්කුගේ ප්‍රසන්න ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගයේ දී ද වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් උණුසුම් වචන හුවමාරුවකට එක් වීම විශේෂත්වයක්.

ඊයේ(10) පැවැති තරගයේ දී තිසර පෙරේරා සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වූ නවීන්, මෙම තරගයේ දී චාමික කරුණාරත්න සමගිනුයි යම් උණුසුම් වචන හුවමාරුවක නිරත වනු දක්නට ලැබුණේ.

  • Colombo Stars 137/8 (20)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ටාර්ස් පිලට මෙම තරගයේ දී ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, දිනේෂ් චන්දිමාල් සටන්කාමී ඉනිමක් දියත් කරමින් ස්ටාර්ස් කණ්ඩායම ජයග්‍රහනය අසලටම රැගෙන යාමට සමත් වීම කැපී පෙනුණා.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

යළිත් අසාර්ථක වූ කුසල් පෙරේරා ලකුණු 5කටත්, ටොම් බැන්ටන් ලකුණු 8කටත්, අශාන් ප්‍රියන්ජන් ලකුණු 3කටත් දැවී ගියා. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

නායක ධනංජය ද සිල්වා ලකුණු 33ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් පන්දු 40කින් ලකුණු 65ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණා.

හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඔහුගේ සටන්කාමී ඉනිමට අන්තර්ගත වුණා.

තරගයේ අවසන් පන්දුවට ස්ටාර්ස් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 6ක් අවශ්‍ය වූ නමුත්, චන්දිමාල්ට එම පන්දුවට වාර්තා කිරීමට හැකි වූයේ හතරේ පහරක් පමණයි. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී තරිදු රත්නායක ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තා. ඉම්රාන් තහීර් ලකුණු 15කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...