මුවර්ස් – බොපාරා සබදතාවය කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට පළමු ජය ගෙනෙයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග්‍රහනය වාර්තා කිරීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, තරගාවලියේ 10 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

  • Galle Gladiators 127/7 (20)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 5කටත්, සධීර සමරවික්‍රම ලකුණු නොලබාත් දැවී ගියා.

බෙන් ඩන්ක් ලකුණු 12යි. නායක භානුක රාජපක්ෂට මෙම තරගයේ දී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 3ක් පමණයි.

කුසල් මෙන්ඩිස් පන්දු 34කින් ලකුණු 44ක් ලබා ගත් අතර, සමිත් පටෙල් පන්දු 32කින් නොදැවී ලකුණු 36ක් රැස් කළා. ධනංජය ලක්ෂාන් ලකුණු 14යි.

පන්දු යැවීමේ දී කමිදු මෙන්ඩිස් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා. ශිරාස් අහ්මඩ් හා නිමේෂ් විමුක්ති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

  • Kandy Warriors 131/5(18.4)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 18.4 අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස තිලකරත්න සම්පත් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේයි.

චරිත් අසලංක ලකුණු 21ක් ලබා ගත්තා. නායක ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 12කට දැවී ගියේ නුවන් තුෂාර යොමු කළ විශිෂ්ඨ පන්දුවක් හමුවේයි.

කමිදු මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි.

අනතුරුව ටොම් මුවර්ස් හා රවී බොපාරා 5 වැනි කඩුල්ල සදහා ලකුණු 50ක සබදතාවයක් ගොඩ නගමින් වොරියර්ස් කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.

මුවර්ස් පන්දු 21කින් ලකුණු 28ක් රැස් කළ අතර, බොපාරා ලකුණු 34ක් නොදැවී ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සමිත් පටෙල් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

මොහොමඩ් අමීර්, ධනංජය ලක්ෂාන් හා නුවන් තුෂාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...