ඔස්ට්‍රේලියානුවන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ එංගලන්තය 147කට සීමා වෙයි

Date:

එංගලන්ත – ඔස්ට්‍රේලියා අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(8) බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

කෙසේ වෙතත්, සංචාරක එංගලන්ත කණ්ඩායමට මෙවර අලුබදුන තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් ඉඩ ලබා දුන්නේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිම ලකුණු 147කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

තරගයේ පළමු පන්දුවෙන්ම රෝරි බර්න්ස් ලකුණු නොලබා දැවී ගියේ මිචෙල් ස්ටක්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 11ක්ව තිබියදී බිද වැටුණා. ඒ, ඩාවිඩ් මලාන් ලකුණු 6කටත්, නායක ජෝ රූට් ලකුණු නොලබාත් දැවී යාමත් සමගයි.

එංගලන්ත ඉනිම ලකුණු 29ක්ව තිබිය දී 4 වැනි කඩුල්ල ලෙස බෙන් ස්ටොක්ස් ලකුණු 5කට දැවී ගියා.

ආරම්භක පිතිකරු හසීබ් හමීඩ් ලකුණු 25ක් ද, ඔලී පෝප් ලකුණු 35ක් ද, ජොස් බට්ලර් ලකුණු 39ක් ද ලබා ගනිමින් එංගලන්ත ඉනිමට යම් සහනයක් ගෙන දුන්නා. ක්‍රිස් වෝක්ස් ලකුණු 21යි.

පන්දු යැවීමේ දී නායක පැට් කමින්ස් ලකුණු 38කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. මෙම තරගය ඔහු ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් පසුව ක්‍රීඩා කරන පළමු තරගයයි.

මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, කැමරන් ග්‍රීන් එක් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...