අලුබදුන තරගාවලියේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ; බර්න්ස්ගේ පා ඉන්න ගැලවෙයි

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(8) ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජෝ රූට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ තරගයේ පළමු පන්දුවෙන්ම රෝරි බර්න්ස්ගේ කඩුල්ල දවා ගනිමින්.

මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි බර්න්ස් ලකුණු නොලබා දැවී ගියේ.(දර්ශන පහතින්)

වසර 140ක් පමණ පැරැණි අලුබදුන තරගාවලි ඉතිහාසයේ තරගාවලියක පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දැවී ගිය දෙවැනි අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසගත වන්නේ.

මීට පෙර ඔස්ට්‍රේලියාවේ Ernie McCormick විසින් Stan Worthington ගේ කඩුල්ල දවා ගනිමින් බ්‍රිස්බේන්හී දී ම 1936 වසරේ දී එම දක්ෂතාවය දක්වා තිබුණා. කෙසේ වෙතත්, අදාළ තරගයෙන් එංගලන්තය ලකුණු 322ක ජයක් වාර්තා කළා.

අද ආරම්භ වූ තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 11ක්ව තිබියදී දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වීම විශේෂත්වයක්.

නායක රූට් ද ලකුණු නොලබා දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...