මාලිංගට සහ ඉසුරුට IPL පළමු සතිය අහිමි වෙයි

Date:

මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ලසිත් මාලිංග සහ ඉසුරු උදානට තරගාවලියේ පළමු සතිය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය එම කාලයේ දී සංවිධාන කිරීම හේතුවෙන්.

එල්.පී.එල් තරගාවලිය අගෝස්තු 28 වනදා ආරම්භ වන අතර, සැප්තැම්බර් 20 වනදා අවසන් වීමට නියමිතයි.

ඒ අනුව සැප්තැම්බර් 20 වනදා දක්වා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට වෙනත් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවසර හිමි නොවනු ඇති.

මෙවර අයි.පී.එල් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට එක් වීමට පෙර ක්‍රීඩකයින්ට දින කිහිපයක නීරෝධායනයකට ද ලක් වීමට සිදු වනවා.

ඒ හේතුවෙනුයි මුම්බායි ඉන්දියන්ස් නියෝනය කරන ලසිත් මාලිංගට සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නියෝජනය කරන ඉසුරු උදානට අවම වශයෙන් මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු සතියේ තරග අහිමි වීමේ අවධානමක් මතුව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...