විලියම්සන්ට සති 9ක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ වැලමිටක පවතින ආබාධ තත්ත්වය සුව කර ගැනීම සදහා සති 8ක් හෝ 9ක් පමණ ගත වනු ඇති බව නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසනවා.

ඒ අනුව බංග්ලාදේශය සමග ඉදිරියේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.

මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් විලියම්සන් පසුගිය කාලය පුරාවටම අපහසුතාවයට පත් වුණා.

ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව එම ආබාධය නිසා ඔහුට අහිමි වුණා.

කෙසේ වෙතත්, විලියම්සන්ට ශල්‍යකර්මයකට මුහුණ දීමට අවශ්‍ය නොවනු ඇති බවයි නවසීලන්ත පුහුණුකරු සදහන් කළේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...