ධනංජය, චන්දිමාල් හා වීසා ස්ටාර්ස් පිලට පළමු ජය හිමි කර දෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද(6) අවසන් වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි කර දෙමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ දී පිතිකරුවන්ගේ දක්ෂතාවයන්ට වඩා පන්දු යවන්නන්ගේ දක්ෂතා දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වුණා.

  • Galle Gladiators 116/8 (20)

අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 116ක් පමණයි.

බෙන් ඩන්ක් හා සමිත් පටෙල් හැරුණු විට වෙනත් කිසිදු මුල් පෙල හෝ මැද පෙල පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.

ඩන්ක් පන්දු 25කින් ලකුණු 38ක් රැස් කළ අතර, සමිත් පටෙල් ලකුණු 14ක් රැස් කළා.

Isuru Udana © SLC

ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 4කටත් දැවී ගිය අතර, මොහොමඩ් හෆීස් ලකුණු 8කට දැවී ගියා.

ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ඉසුරු උදාන පන්දු 17කින් නොදැවී වේගවත් ලකුණු 25ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සමගින්. නූර් අහ්මඩ් නොදැවී ලකුණු 11යි.

පන්දු යැවීමේ දී ධනජය ද සිල්වා, දුෂ්මන්ත චමීර හා අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්තා.

ධනංජය ද සිල්වා මෙම තරගයේ පළමු පන්දුවාරය ද යොමු කළ අතර, ඔහු යොමු කළ පළමු පන්දු 14 ම නිලකුණු පන්දු වීම විශේෂත්වයක්.

  • Colombo Stars 117/6 (17.3)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 17.3ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටොම් බැන්ටන් ලකුණු 10කටත්, පැතුම් නිස්සංක එක් ලකුණකටත් දැවී ගිය අතර, කුසල් පෙරේරා ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 10ක් රැස් කළා.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ආබාධය හේතුවෙන් මෙම තරගයේ දී ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වා පන්දු 28කින් ලකුණු 24 රැස් කළා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 26 ක් ලබා ගනිමින් ස්ටාර්ස් කණ්ඩායමේ නැංගුරම බවට පත් වුණා.

ඩේවිඩ් වීසා පන්දු 16කින් හයේ පහර 2ක් සමග ලකුණු 22ක් ලබා ගනිමින් තරගයේ ජය ස්ටාර්ස් පිලට තහවුරු කර ගැනීම සදහා අවශ්‍ය මග සකස් කළා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර හා පුලින තරංග කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, මොහොමඩ් හෆීස් හා නූර් අහ්මඩ් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...