ටේලර් අමාරුවේ දාපු තරුණ මාලිගේ සුපිරි පන්දු ටික

Date:

2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට අමතක කරන්න බැරි වේදනාත්මකම තරගාවලියක්.

එම තරගාවලිය ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස අවසන් කරන්නේ ලෝක අනුශුරයන් වෙමින්.

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ නවසීලන්තය සමගින් බව ඔබට මතක ඇති.

එම තරගය ලකුණු 81 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන තීරණය කළා.

එම තීරණයෙන් උපරිම ඵල නෙලා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 289 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රියාත්මක කළ නායක මහේල ජයවර්ධන පන්දු 109 කදී නොදැවී ලකුණු 115 ක් රැස් කළා.

උපුල් තරංග ලකුණු 73යි.

ලකුණු 290 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 41.4 කදී සියල්ලන් දැවී රැස්කර ගත්තේ ලකුණු 208 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ මුත්තයියා මුරලිදරන් කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.

සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ශාන් කඩුලු 2 බැගින් දවාගද්දී චමින්ද වාස් හා ලසිත් මාලිංග අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

එම තරගයේදි මුල් පන්දුවාරයේ සිටම නවසීලන්ත පිතිකරණ ලැයිස්තුව වෙත ශ්‍රී ලංකා වේග පන්දුයවන්නන් එල්ල කළ පීඩනය කාගේත් වැඩී අවධානයට යොමු වුණා.

මුල් පන්දුවාර අට අවසානයේදී නවසීලන්තයට රැස්කරගැනීමට හැකියාව ලැබී තිබුණේ කඩුල්ලක් දැවී ලකුණු 14 ක් පමණයි.

රෝස් ටේලර් පන්දු 25 කට මුහුණ දී ලකුණු 9 කට දැවී ගියා.

පිටියට පැමිණි මොහොතේ සිට ඔහුට මහත් පීඩනයක් එල්ල කිරීමට ලසිත් මාලිංග සමත්වූ බව ඔබට මතක ඇතැයි සිතමි.

මාලිංගගේ පන්දු රැසකට නිසි අයුරින් පිත්ත යොමු කිරීමට ඔහුට හැකි වූයේ නැහැ.

එම අවස්තාව පහත වීඩියෝවෙන් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...