තරගාවලියේ වීරයා ලෙස වනිදු තේරී පත් වෙමින් ග්ලැඩියේටර්ස් T10 ශූරතාවය දිනයි

Date:

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස තරගාවලිය අවසන් කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී බිද හෙලූ කඩුලු 2ත් සමගින්.

තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ වනිදු හසරංගයි.

තරගාවලියේ අවසන් තරගය වනිදු නියෝජනය කළ ඩෙකෑන් කණ්ඩායම හා දිල්ලි බුල්ස් කණ්ඩායම අතර අද(4) පැවැති අතර, එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාවය ද හිමි කර ගත්තා.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු කිසිවක් නොදැවී ලකුණු 159ක් ලබා ගත්තා.

පළමු කඩුල්ල වෙනුවෙන් එම නොබිදුණු සබදතාවය ගොඩ නැගුවේ ටොම් කොහ්ලර්-කැඩ්මෝර් හා ඇන්ඩ්‍රි රසල්.

ටොම් පන්දු 28කින් නොදැවී ලකුණු 59ක් ලබා ගත් අතර, රසල් පන්දු 32කින් නොදැවී වේගවත් ලකුණු 90ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා පිළිවෙලින් හයේ පහර 5ක් හා 7ක් එල්ල කරනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිලට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

චන්ද්‍රපෝල් හෙම්රාජ් පන්දු 20කින් ලකුණු 42ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඔඩියන් ස්මිත්, වනිදු හසරංග හා ටිමාල් මිල්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

වනිදු හසරංග මෙම තරගාවලියේ දී බිද හෙලූ සමස්ත කඩුලු ගණන 21ක්.

ඒ අනුව ඔහු වාර්තා අතරට එක් වුණේ අබුඩාබි T 10 තරග වාරයක දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිද හෙලූ පන්දු යවන්නා ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...