කෝලිගේ මතභේදාත්මක දැවී යාමෙන් පසු වාර්තා වූ අගාර්වල්ගේ ශතකය ඉන්දියාව ස්ථාවර කරයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) මුම්බායිහී දී ආරම්භ වුණා.

වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය හෝරා කිහිපයකින් ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු දිනට තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 221ක්.

ආරම්භක කඩුල්ල සදහා මයාන්ක් අගාර්වල් හා ෂුබ්මන් ගිල් ලකුණු 80ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එම සබදතාවය බිද වැටුණේ ෂුබ්මන් ලකුණු 44කට දැවී යාමත් සමගයි.

අනතුරුව ඉන්දීය ලකුණු පුවරුව 80ක් ලෙස සටහන්ව තිබියදී ම දෙවැනි හා තෙවැනි කඩුලු ද බිද වැටුණා.

ඒ, චෙටස්වර් පුජාරා හා විරාට් කෝලි ලකුණු නොලබා දැවී යාමත් සමගයි.

කෝලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය නමුත්, එම තීරණය සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් ද පැන නැගී තිබෙනවා.

පිටියේ විනිසුරු විසින් කෝලි දැවී ගිය අයෙකු ලෙස නම් කළ අතර, පසුව ඔහු විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (Review) ඔස්සේ එම තීරණය අභියෝගයට ලක් කළේ පන්දුව පා ආවරණයේ වැදීමට පෙර පිත්තේ වැදුණු බව අනුමාන කරමින්.

නමුත්, පිටියේ විනිසුරු ලබා දුන් තීරණය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් සාධක නොමැති බැවින් තෙවන විනිසුරු විසින් එම අවස්ථාව දැවී යාමක් ලෙස සටහන් කළා. (දර්ශන පහතින්)

එම තිරණය සම්බන්ධයෙන් විරාට් කෝලි දැඩි අප්‍රසාදයට පත්ව සිටිනු ද දක්නට ලැබුණා.

ෂ්රෙයස් අයියර් ලකුණු 18කට දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මයාන්ක් අගාර්වල් සිය 4 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 120ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 14ක් ඇතුළත්. ව්රිධිමන් සහා නොදැවී ලකුණු 25යි.

පන්දු යැවීමේ දී ඉන්දීය ඉනිමේ දැවී ගිය කඩුලු 4ම බිද හෙලනු ලැබුවේ අජාස් පටෙල් විසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...