පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 25ක පරාජයක්

Date:

ශ්‍රී ලංකා යොවුන් (අවුරු 19න් පහළ) කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 25ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත යොවුන් කණ්ඩායම අද(30) සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 242ක් රැස් කළා.

William Luxton ලකුණු 44ක්, James Rew ලකුණු 40ක් හා James Sales නොදැවී ලකුණු 28ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 30කට කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 47.3කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 217ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වෙල්ලාලගේ පන්දු 68කින් ලකුණු 68ක් වාර්තා කළා.

රනුද සෝමරත්න ලකුණු 57යි.

පන්දු යැවීමේ දී Joshua Boyden ලකුණු 27කට කඩුලු 3ක් බිද හෙලූ අතර, Josh Baker, Tom Prest හා Rehan Ahmed අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...