කොදෙව්වන් ලකුණු 135ක් පිටුපසින්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (30) නිමා වුණා.

වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 69ක්.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 22යි. ඔහු සහ ජර්මයින් බ්ලැක්වුඩ් අතර පළමු කඩුල්ලට ලකුණු 62ක සබදතාවයක් ගොඩ නැගුණා.

එම සබදතාවය බිද වැටුණේ බ්ලැක්වුඩ් ලකුණු 44කට දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වීමත් සමගයි.

අද දිනය ආරම්භ කරන විට කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 204කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 73ක් රැස් කළ අතර, දිමුත් කරුණාරත්න ලකුණු 42ක් ලබා ගත්තා. ඕෂද ප්‍රනාන්දු ලකුණු 18යි.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ චරිත් අසලංකගේ ඉනිම ලකුණු 10කට සීමා වුණා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 12ක් ලබා සිටියදී වේගවත් ලකුණක් කරා දිව යාමට ගත් උත්සාහයකදී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

කෙසේ වෙතත්, ඉනිමේ 8 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව ආබාධය ද සහිතය යළි පිටියට පිවිසි ඔහු ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 29ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී වීරසමී පෙර්මුවෙල් (Veerasammy Permaul) ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...