අර්බුද මැද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු තරගයට

Date:

2022 අයි.සී.සී කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අගහරුවාදා(23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නෙදර්ලන්තයට එරෙහිව මෙම තරගය පැවැත්වෙන අතර, එය මෙරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී යි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය ඊයේ(21) නිවේදනය කළා.

ඒ අනුව එම ක්‍රීඩිකාවන් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබූ අතර, සෙසු ක්‍රීඩිකාවන් සියලු දෙනාද නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්තේ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගයට පෙර සියලු ක්‍රීඩිකාවන් යළි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව ඇති බව ද අයි.සී.සීය සදහන් කළා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...