කඩුලු 8ක ජයකින් පාකිස්තානය 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනියි

Date:

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගය ඩකා නුවර මීර්පූර්හි ෂෙරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108ක් පමණයි.

නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු 40ක් හා අෆිෆ් හුසේන් ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 15කට කඩුලු 2ක් හා ශඩාබ් ඛාන් ලකුණු 22කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ පාකිස්තානය පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(109/2)

ෆකාර් සමාන් ලකුණු 57ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමගින්. මොහොමඩ් රිස්වාන් ලකුණු 39යි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් හා අමිනුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...