LPL තරගාවලියේ ගෝලීය විකාශන අයිතිය හිමි වූ නාලිකාව නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ ද ගෝලීය විකාශන අයිතිය ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් (Sony Pictures Networks India) ආයතනය හිමිකර ගෙන තිබෙනවා.

පිට පිටම දෙවැනි වරටයි සෝනි පික්චර්ස් නෙට්වර්ක් ආයතනය LPL තරගාවලියේ නිල විකාශන අයිතිය මෙලෙස හිමි කර ගත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රූපවාහිනී විකාශනයට අමතරව ඩිජිටල් සම්ප්‍රේෂණ බෙදා හැරීමේ අයිතිය ද ලබා ගැනීමට එම ආයතනය සමත්ව තිබෙනවා.

ඒ අනුව මෙවර LPL තරගාවලියේ සියලු තරග Sony Six සහ Sony Ten 2 නාලිකා හරහා විකාශනය කිරීමට නියමිතයි.

ඉදිරි වසර 5 සඳහා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියන් හි දේශීය විකාශන අයිතිය හිමිකර ගැනීමට Supreme TV නාලිකාව මීට පෙර සමත් වී තිබුණා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...