උදානගේ දක්ෂතා අපතේ යයි ; දිල්ලි හා අබුඩාබි කණ්ඩායම්වලට ජය

Date:

අබුඩාබි T10 තරගාවලිය අද(19) ආරම්භ වුණේ දිල්ලි බුල්ස් හා අබුඩාබි කණ්ඩායම් වෙත ජය හිමි කර දෙමින්.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ නොදර්න් වොරියර්ස් හා බංග්ලා ටයිගර්ස් යන කණ්ඩායම්.

පළමු තරගය බුල්ස් කණ්ඩායම හා වොරියර්ස් කණ්ඩායම අතර අබුඩාබි හී දී පැවැති අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් පිල නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 107ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බුල්ස් ක්‍රීඩකයින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 9ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදීයි. ඒ අනුව ඔවුන්ට කඩුලු 6ක ජයක් හිමි වුණා.

තරගාවලියේ දෙවැනි තරගය අබුඩාබි හා ටයිගර්ස් කණ්ඩායම් අතර පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අබුඩාබි කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 145ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කළා.

පෝල් ස්ටර්ලින්ග් පන්දු 23කින් ලකුණු 59ක් රැස් කළේ හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් සමගින්.

ක්‍රිස් ගේල් නොදැවී ලකුණු 49ක් වාර්තා කළා. පන්දු 23කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ජේම්ස් ෆෝල්ක්නර්, ඉසුරු උදාන හා Benny Howell කඩුල්ල බැගින් දවා ගත්තා.

උදාන සිය පන්දුවාර 2 තුළ ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 14ක් පමණයි.

කායිස් අහ්මඩ් යොමු කළ පන්දුවාරයට ප්‍රතිවාදීන් ලකුණු 31ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිගර්ස් පිතිකරුවන්ට පන්දුවාර 10 නිමා කිරීමට සිදු වූ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබා ගනිමින්.

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 24ක් ද, හස්රටුල්ලා සසායි ලකුණු 18ක් ද, ඉසුරු උදාන ලකුණු 15(8) ක් ද රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ Marchant de Lange ලකුණු 23කට කඩුලු 5ක් බිද හෙලීම විශේෂත්වයක්.

ඒ අනුව අබුඩාබි කණ්ඩායමට ලකුණු 40ක පහසු ජයක් මෙම තරගයෙන් හිමි වුණා.

(ඉසුරු උදාන දවා ගත් කඩුල්ල සහ දෙවැනි තරගයේ විශේෂ අවස්ථා පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...