තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දියාව තරගාවලිය දිනයි

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඉන්දියාව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

රංචිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 153ක් රැස් කළා.

ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට මාර්ටින් ගප්ටිල් හා ඩැරල් මිචෙල් සමත් වුණේ පළමු කඩුල්ලට පන්දුවාර 4.2ක් තුළ ලකුණු 48ක සබදතාවයක් ගොඩ නගමින්.

ගප්ටිල් පන්දු 15කින් ලකුණු 31ක් ද, මිචෙල් පන්දු 28කින් ලකුණු 31ක් ද රැස් කළා.

ග්ලේන් පිලිප්ස් පන්දු 21කින් ලකුණු 34ක් ලබා ගත් නමුත්, නවසීලන්තයට ඉනිම ආරම්භයේ දී අපේක්ෂා කළ පරිදි දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී සිය මංගල ජාත්‍යන්තර 20යි 20 තරගයට ක්‍රීඩා කළ හර්ෂාල් පටෙල් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 19කට එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 17.2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(155/3)

සිය 16 වැනි 20යි 20 ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ කේ.එල් රාහුල් පන්දු 49කින් ලකුණු 65ක් රැස් කළ අතර, 25 වන 20යි 20 ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ රෝහිට් ෂර්මා පන්දු 36කින් ලකුණු 55ක් ලබා ගත්තා.

වෙන්කටේෂ් අයියර් හා රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 12 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයෙන් ද ජය වාර්තා කළ ඉන්දියාව මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...