ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග නිළධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(19) නිවේදනය කළා.

ඒ අනුව තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ රංජන් මඩුගල්ල මහතායි.

විනිසුරුවන් ලෙස පස් දෙනෙකු පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ප්‍රවීන ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුන් ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ විනිසුරු කමිටුවට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අනිද්දා (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...