කාන්තාවකට යැවූ කෙටි පණිවිඩ නිසා ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

හෝබාර්ට්හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සිය ඉල්ලා අස්වීම අද(19) නිවේදනය කළා.

2017 වසරේ දී තස්මේනයා ක්‍රිකට් හි සේවිකාවක සමග නුසුදුසු (කාමුක) කෙටි පණිවිඩ හුවමාරුවක් සිදු කිරීමේ සිද්ධියක් හේතුවෙනුයි ඔහු මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇත්තේ.

2018 වසරේ දී ටිම් පේන් එරට 46 වැනි ටෙස්ට් නායකයා ලෙස පත් කරනු ලැබුවේ ස්ටීවන් ස්මිත් වෙනුවටයි.

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත අලුබදුන තරගාවලියට සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී 36 හැවිරිදි ඔහු නායකත්වයෙන් ඉල්ලා අස් වීමේ තීරණය ගැනීම විශේෂත්වයක්.

ටිම් පේන්ගේ ඉල්ලා අස්වීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන ඇති අතර, ඉදිරියේ දී නව ටෙස්ට් නායකයෙකු පත් කිරීමට කටයුතු කරනු ඇති.

නායකත්වයෙන් ඉවත් වුවද අලුබදුන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...