කොදෙව් කණ්ඩායම ගාල්ලට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද(17) ගාල්ල වෙත පැමිණියා.(දර්ශන පහතින්)

ඒ, ශ්‍රී ලංකාව සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ඔවුන් මෙතෙක් කොළඹ රැදී සිටි අතර, එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පුහුණු තරගයකට ද එක් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් එම සිව්දින පුහුණු තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...