තියුණු සටනකින් පසු රෝහිට්ගේ නිත්‍ය නායකත්වයෙන් ඉන්දියාව පළමු ජය ලබයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, පළමු 20යි 20 තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කරමින්.

තරගය ජයිපූර්හි පැවැති අතර, කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස් කළා.

මාර්ටින් ගප්ටිල් පන්දු 42කින් ලකුණු 70ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් සමගින්.

මාර්ක් චැප්මන් ලකුණු 63(50) ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 109(77)ක්.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, දීපක් චහාර් හා මොහොමඩ් සිරාජ් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් වීමෙන් පසුව සිය පළමු තරගය ක්‍රීඩා කළ රෝහිට් ෂර්මා ලකුණු 48ක් ද, සූර්යකුමාර් යාදෙව් පන්දු 40කින් ලකුණු 62ක් ද වාර්තා කළා.

සූර්යකුමාර්ගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට අවසන් පන්දු 24 තුළ දී ලබා ගත යුතු වූයේ ලකුණු 23ක් පමණයි.

කෙසේ වෙතත්,අවසන් පන්දුවාර කිහිපයේ දී නවසීලන්තයෙන් ප්‍රබල අභියෝගයක් ඉන්දියාවට එල්ල වූ අතර, අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 10ක් අවශ්‍ය වුණා.

ඩැරල් මිචෙල් යොමු කළ එම පන්දුවාරයේ 4 වන පන්දුවට රිෂාබ් පාන්ට් හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජය ඉන්දියාවට තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් බිද හෙලූ අතර, ටිම් සවුති, මිචෙල් සැන්ට්නර් හා ඩැරල් මිචෙල් කඩුල්ල බැගින් දවා ගත්තා.

https://twitter.com/therealdheera/status/1461031782493556741?t=P2Wb4ApAj0RQECS8moQ90A&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...