ජගත් ක්රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ක්රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් ක්රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්රිකට් ක්රීඩක අනිල් කුම්බ්ලේ වෙනුවටයි.
2012 වසරේ දී සභාපතිධූරයට පත් වූ අනිල් කුම්බ්ලේ වසර 3 බැගින් යුත් ධූර කාල 3ක් එම තනතුරේ කටයුතු කළා.
ක්රිකට් ක්රීඩාවට අදාළ නීති සකස් කිරීම හා සංශෝදනය කිරීම වැනි වැදගත් කටයුතු රැසක් සිදු කරනු ලබන්නේ මෙම අයි.සී.සී ක්රිකට් කමිටුව විසිනුයි.
එහි සාමාජිකයින් ලෙස ශ්රී ලංකාවේ මහේල ජයවර්ධන හා රංජන් මඩුගල්ල යන මහත්වරුන් ද කටයුතු කරනවා.

