ඇෆ්ඝනිස්තානයේ ක්‍රිකට් තත්ත්වය ගැන හොයන්න අයි.සී.සීයෙන් මණ්ඩලයක්

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ තත්ත්වය හා එරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් ක්‍රියාකාරී මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඊයේ(16) නිමා වූ ජගත් ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී එම තීරණය ගත් බවයි අයි.සී.සීය අද(17) නිවේදනය කළේ.

තාලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්තානයේ පාලන බලය අත්පත් කර ගැනීම හේතුවෙන් මෙලෙස එරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අදාළ මණ්ඩලය පත් කෙරුණා.

එම මණ්ඩලයට ඉම්රාන් කවාජා (සභාපති), රෝස් මැකලම්, ලාසන් නයිඩූ (Lawson Naidoo) හා රමීස් රාජා යන පුද්ගලයින් පත් කර තිබෙනවා.

නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉදිරි මාසවලදී එම මණ්ඩලය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත වාර්තාවක් ලබා දීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ.

තලේබාන් සංවිධානයේ පාලන බලය යටතේ ඇෆ්ඝනිස්තානයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය දැඩි අවධානමකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගය ද කල් දැමීමට පසුගියදා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...