2022 T20 ලෝක කුසලානයේ දින හා ක්‍රීඩාංගන නිවේදනය කෙරේ

Date:

ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩාංගන 7කදී පැවැත්වෙන බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද (16) නිවේදනය කළා.

තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් මහා තරගය නොවැම්බර් 13 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

තරග 45කින් යුත් තරගාවලිය ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, ජිලෝන්ග්, හෝබාර්ට්, මෙල්බර්න්, පර්ත් හා සිඩ්නි හී දී පැවැත්වෙන බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 9 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ද, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 10 වැනිදා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා මේ වන විට සත්කාරක ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය යන රටවල් සෘජුව සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාවට, බටහිර ඉන්දීය කොදෙව්වන්ට, නැමීබියාවට හා ස්කොට්ලන්තයට ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය ද පළමු වටයේ සිට ආරම්භ කිරීමට සිදු වනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් තේරී පත් වන තවත් කණ්ඩායම් 4ක් ද පළමු වටයට සුදුසුකම් ලබනු ඇති.

මෙම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය මීට පෙර 2020 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය 2022 වසරට කල් දැමුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...