සිය පුහුණු කාර්යය මණ්ඩලය ජැෆ්නා කිංග්ස් නිවේදනය කරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය පත් කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර ද නිවේදනය කර තිබූ පරිදි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පසුගිය වසරේ දී ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිළිණ කණ්ඩම්බි මහතායි.

සහාය පුහුණුකරු හා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු පළමුපෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මාරියෝ විල්ලවාරයන් මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් මහතා කටයුතු කරන්නේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසයි.

දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ මහතා ද, විමුක්ති දේශප්‍රිය මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ජැෆ්නා කිංග්ස් පුහුණු හා සහාය කාර්යය මණ්ඩලය –

1. Thilina Kandambi (Head Coach),
2. Mario Villavarayan ( Assistant Coach & Fast bowling Coach),
3. Jehan Mubarak (Batting Coach),
4. Sachith Pathirana (Spin bowling Coach),
5. Vimukthi Deshapriya (Fielding & Throw downs Coach)
6. Sanjeewa Gamage (Physiotherapist)
7. G. G. T. Niroshan (Computer Analyst)
8. Lakshman Gunasekara (Masseur)

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...