LPL තරගාවලියට තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට යළි අවස්ථාවක්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා එක් කණ්ඩායමක සංචිතයකට ඇතුළත් කර ගත හැකි ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 20 සිට 22 දක්වා ඉහළ නංවා තිබෙනවා.

තරගාවලි සංවිධායකයින් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මෙවර තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තෝරා නොගැනීමට කණ්ඩායම් හිමිකරුවන් ගත් තීරණය හේතුවෙන්.

LPL තරගාවලියේ දෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම පසුගිය 9 වැනිදා පැවැති අතර, එහිදී කිසිදු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා 20යි 20 කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා තෝරා ගත්තේ නැහැ.

එමෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීමටයි කණ්ඩායම් බළධාරීන් පියවර ගත්තේ.

මෙම තීරණය සම්බන්ධයෙන් බොහෝ පර්ශවවල දැඩි විරෝධක් එල්ල වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(11) පස්වරුවේ නිවේදනය කළේ ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත වී ඇති ක්‍රීඩකයින් ද ඇතුළත්ව) කණ්ඩායම් පහේ හිමිකරුවන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

එම ක්‍රීඩකයින් අතරින් එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායමට ලබා ගැනීමට අවස්ථාව සලසන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් 673 දෙනෙකු ලියාපදිංචි වී සිටි බව ද ක්‍රිකට් ආයතනය කියා සිටියා.

ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් කර තිබූ දේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව 358 ක්.

ඒ අනුව ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා තිබුණේ සමස්ත ක්‍රීඩකයින් 1,031 දෙනෙකු ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් කර තිබූ බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...