එංගලන්තයට එරෙහිව තියුණු ජයක් වාර්තා කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

අබුඩාබිහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් රැස් කළා.

ආබාධයක් හේතුවෙන් ජේසන් රෝයිට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බැවින් ඔහු වෙනුවට මෙම තරගයේ දී ජොස් බට්ලර් සමග එංගලන්ත ඉනිම ආරම්භ කළේ ජොනී බෙයර්ස්ටව්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල සදහා ලකුණු 37ක සබදතාවයක් ගොඩ නැගුණු අතර, බෙයාර්ස්ටව් ලකුණු 13(17)කට දැවී ගියා.

ජොස් බට්ලර් ලකුණු 29යි. අනතුරුව තෙවැනි කඩුල්ල සදහා මොයීන් අලී හා ඩාවිඩ් මලාන් ලකුණු 63(43)ක සබදතාවයක් ගොඩ නැගුවා.

මලාන් ලකුණු 41කට දැවී ගිය අතර, මොයීන් අලී පන්දු 37කින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා. හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඉනිමට යම් වේගවත් අවසානයක් ලබා දීමට දායක වූ ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 17ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති, ඇඩම් මිල්න්, ඉෂ් සෝදි හා ජේම්ස් නීෂම් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු මාර්ටින් ගප්ටිල් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4කට දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත් වුණා. නායක කේන් විලියම්සන් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.

අනතුරුව ඩැරල් මිචෙල් හා ඩෙවෝන් කොන්වේ අතර තෙවැනි කඩුල්ල සදහා පන්දු 67කින් ලකුණු 82ක සබදතාවයක් ගොඩ නැගුණා.

කොන්වේ ලකුණූ 46(38)ක් ලබා ගත්තා. ග්ලේන් පිලිප්ස් රැස් කළේ ලකුණු 2ක් පමණයි.

තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට අවසන් පන්දු 24 තුළ දී ලකුණු 57ක් ලබා ගැනීමට අවශ්‍ය වුණා.

එහිදී තරගය ජය ගැනීමේ වැඩි බලාපොරොත්තු එංගලන්තය වෙත නතු වී තිබූ නමුත් ජේම්ස් නීෂම් පන්දු 11කින් වේගවත් ලකුණු 27ක් ලබා ගනිමින් නවසීලන්තයට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා. හයේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නවසීලන්තය ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු ඩැරල් මිචෙල් පන්දු 47කින් ලකුණු 72ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...