පියවරක් ඉදිරියටත්, පියවර 5ක් ආපස්සටත් තැබූ විට දියුණු වීම දුෂ්කරයි : මහේල LPL ගැන කියූ දේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිත සදහා තෝරා ගත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන අදහස් පල කර තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

LPL තරගාවලියේ දෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම ඊයේ(09) පැවැති අතර, එහිදී කිසිදු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා 20යි 20 කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා තෝරා ගත්තේ නැහැ.

එමෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීමටයි කණ්ඩායම් බළධාරීන් පියවර ගත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මහේල ජයවර්ධන සදහන් කළේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී සිත්ගන්නා සුළු තෝරා ගැනීම් මෙන්ම තෝරා නොගැනීම් සිදුව ඇති බවයි.

“එක පියවරක් ඉදිරියටත් පියවර 5ක් ආපස්සටත් තැබූ විට රටකට දියුණු වීම දුෂ්කරයි” යනුවෙන් මහේල ජයවර්ධන සදහන් කළා.

“මෙය සැබෑ දක්ෂතා වර්ධනය කර ගැනීමේ දේශීය තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතක නොකළ යුතුයි” 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...