බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කළම්බු ස්ටාර්ස් සංචිතය

Date:

දෙවන වරටත් සංවිධාන කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීම ( Player Draft ) ඊයේ (10) සිදු කෙරුණේ ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නාර්ථ රැසක් ද ඉතිරි කරමින්.

පසුගියවර බෙහෙවින් සාර්ථක තරගාවලියක් නැරඹීමට අවස්ථාව හිමි වූ බැවින් මෙවර තරගාවලිය ද ඊටත් වඩා සාර්ථක වනු ඇතැයි ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂාව වුණා.

කෙසේ වෙතත්, ලෝක මට්ටමේ සුපිරි ක්‍රීඩකයන්ගේ යම් අඩුවක් ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසානයේදී මෙවර දැකගන්නට ලැබීම ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු යම් තරමකට බිද වැටීමට හේතු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයින් ද කිසිදු කණ්ඩායමක් විසින් මිළදී නොගැනීම කනගාටුවට කරුණක්.

අකිල ධනංජය, ධනංජය ද සිල්වා, මිනෝද් භානුක හා ප්‍රවීන් ජයවික්‍රම වැනි ක්‍රීඩකයින්ට ද කිසිදු සංචිතයක ඉඩක් වෙන් වූයේ නැහැ.

විස්සයි විස්ස රටාව සදහා නම් දැරූ විදේශීය මෙන්ම දේශීය ක්‍රීඩකයින් රැසක් ද ක්‍රීඩක කෙටුම්පත් කිරීම තුළින් මෙලෙස නොසලකා හැරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදු වීමක් වුණා.

නමුත් සීමිත සම්පත් භාවිතා කරමින් වඩාත් ඵලදායී සංචිතයක් තොරා ගැනීමට ජැෆ්නා කිංග්ස්, දඹුල්ල ජයන්ට්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස්  කණ්ඩායම් කටයුතු කර ඇති බවක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, කැන්ඩි වොරියර්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් හි සංචිත තුළින් එවැනි තත්ත්වයක් හෝ දැකගන්නට ලැබැන්නේ නැහැ.

විශේෂයෙන් 20යි 20 ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සැලකෙන කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම විසින් තෝරා ගෙන තිබීම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය එම කණ්ඩායම වෙත යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඊයේ දින පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තෝරා ගෙන අවසන් වූ කලම්බු ස්ටාර්ස් සංචිතය මෙසේයි –

01. ක්‍රිස් ගේල් , 02. දුෂ්මන්ත චමීර, 03. අහමඩ් ශෙශාඩ්, 04. ඩිල්ශාන් මුණවීර 05. මොහොමඩ් ඉර්ෆාන්, 06. අල් අමීන් හොසේන්, 07. ටස්කින් අහමඩ්, 08. පැතුම් නිස්සංක, 09. ලක්ෂාන් සඳකැන්, 10. සීකුගේ ප්‍රසන්න, 11. මන්ප්‍රිට් සිං, 12. ගිහාන් රූපසිංහ, 13. ළහිරු ගමගේ, 14. ටී. එම්. සම්පත්, 15. නුවනිඳු ප්‍රනාන්දු, 16. ජෙහාන් ඩැනියෙල්

අතිරේක ක්‍රීඩකයින් –

17. මළිදු මදුරංග, 18. නලීන් ප්‍රියදර්ශන, 19. හෂාන් දුමිදු, 20. කබිල් රාජ්

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...