රදවා ගත් ක්‍රීඩකයින් 8 දෙනා ගෝල් ග්ලැඩියේටර්ස් නිවේදනය කරයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව අද රාත්‍රී 8ට ආරම්භ වනවා.

ඊට පෙර සියලු කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් 8 දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමට තරගාවලි සංවිධායකයින් විසින් අවසර ලබා දුන්නා.

විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු එලෙස රදවා ගැනීමටයි අවසර හිමි වුණේ.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සදහා සිය කණ්ඩායමේ රදවා ගත් හා නව ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් පිළිබද තොරතුරු අද(9) පස්වරුවේ නිවේදනය කළා.

දේශීය ක්‍රීඩකයින් වශයෙන් ඔවුන් සිය කණ්ඩායමට තෝරා ගෙන ඇත්තේ ඉසුරු උදාන, භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලකයි.

ඊට අමතරව ටැබ්රයිස් ශම්සි, මොහොමඩ් අමීර්, සර්ෆරාස් අහ්මඩ් හා මොහොමඩ් හෆීස් යන ක්‍රීඩකයින් විදේශීය ක්‍රීඩකයින් වශයෙන් කණ්ඩායමට තෝරා ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...