ලෝක කුසලානයේ දැවැන්තම හයේ පහර රසල්ගෙන් ; දුර මීටර් 111 ක් ( Video )

Date:

ඕමානයේ දී හා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙකු වාර්තා කළ දැවැන්තම හයේ පහර වාර්තා කිරීමට කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් අද(6) සමත් වුණා.

ඒ, අබුඩාබි ක්‍රීඩාංගනයේ දී අද පස්වරුවේ ආරම්භ වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගයේ දී යි.

තරගාවලියේ 38 වන තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

එහිදි මිචෙල් ස්ටාර්ක් විසින් යොමු කළ ඉනිමේ අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවට ඩීප් මිඩ් විකට් කලාපය දෙසින් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට ඇන්ඩ්‍රි රසල් සමත් වුණා.

එහි දුර දැක්වුණේ මීටර් 111 ක් ලෙසයි.

මෙවර තරගාවලියේ පිතිකරුවෙකු වාර්තා කළ දැවැන්තම හයේ පහර එයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...