පැනවූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනමෙන් පසු යෝර්ක්ෂයර් සභාපතිත් ඉල්ලා අස් වෙයි

Date:

යෝර්ක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති Roger Hutton සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, එම ප්‍රාන්තයේ ජාත්‍යන්තර තරග හා ප්‍රධාන තරග පැවැත්වීම තහනම් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති පසුබිමකයි.

යෝර්ක්ෂයර් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසීම් රෆික් විසින් තමා එම කණ්ඩායමට ක්‍රීඩා කරන විට වර්ගවාදී හිංසනයට ලක් වූ බවට චෝදනා එල්ල කර තිබූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද සිදු කෙරුණා.

එහිදී අනාවරණය වුණේ අසීම් රෆික් වර්ගවාදී හිංසනයට ලක්ව ඇති බවයි.

එවැනි පසුබිමක් යටතේ වුවත්, සිය ක්‍රීඩා සමාජයේ සේවකයින්ට, ක්‍රීඩකයින්ට හෝ නිළධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීමට යෝර්ක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය තීරණය කළා.

ඒ අනුවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය එම ප්‍රාන්තයට ජාත්‍යන්තර තරග පැවැත්වීමේ තහනමක් ඊයේ(4) පනවනු ලැබුවේ.

යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති Roger Hutton සිය ධූරයෙන් ඉල්ලා අස් වෙමින් හිටපු ක්‍රීකට් ක්‍රීඩක අසීම් රෆික්ගෙන් සමාව ද ඉල්ලා සිටියා.

ඔහුට අමතරව තවත් නිළධාරීන් රැසක් ද ධූරවලින් ඉවත් වන බවයි වාර්තා වන්නේ.

යෝර්ක්ෂයර් කණ්ඩායම සිය සත්කාරක ක්‍රීඩාංගනය වශයෙන් බොහෝ විට යොදා ගන්නේ ලීඩ්ස්හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...