බ්‍රාවෝ දෙවැනි වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ පවසනවා.

කොදෙව් කණ්ඩායම මේ වන විට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසකම් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බැවින් ඔස්ට්‍රේලියාව සමග හෙට(6) පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත් වනු ඇති.

මීට පෙර ද 2018 වසරේ දී බ්‍රාවෝ ජාත්‍යන්තර පිටියට සමු දෙන බව සදහන් කළා.

කෙසේ වෙතත්, අනතුරුව 2019 වසරේ දී ඔහු එම තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර තරග බිමට පිවිසියා.

2012 හා 2016 වසරවලදී 20යි 20 ලෝක ශූරතාවය දිනා ගත් කොදෙව් සංචිතයේ ද සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...