සුළු වැරැදි නිසා අවසන් පූර්ව වටය අහිමි වුණා : දසුන් ශානක

Date:

ඇතැම් තීරණ ගැනීමේ දී සිදු වූ සුළු වැරැදීම් හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේ 35 වන තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත් කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මෙවර තරගාවලියට වඩා දිගු ගමනක් යාමට අපේක්ෂා කරන බවයි දසුන් කියා සිටියේ.

මේ අතර, කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඉදිරියේ දී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බව ද ශ්‍රී ලංකා නායකයා සදහන් කළා.

මීට පෙර බිනුර ප්‍රනාන්දු ගොදුරු වූ පාදයේ ආබාධ තත්ත්වයටම ඔහු යළිත් මුහුණ දී ඇති බවයි දසුන් කියා සිටියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...