ශ්‍රී ලංකා තරගයේ දී වූ ආබාධයක් නිසා එංගලන්ත සංචිතයට වෙනසක්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිමාල් මිල්ස්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(3) නිවේදනය කළා.

ඒ, ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේ දී පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඊයේ රාත්‍රියේ දී ඔහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබූ අතර, එම වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රැදී සිටි රීස් ටොප්ලි, ටිමාල් මිල්ස් වෙනුවට ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

මෙම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා දී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...