ස්කොට්ලන්තය තරගාවලියෙන් ඉවත් කරමින් නවසීලන්තයට ලකුණු 16ක ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, තරගාවලියේ 32 වන තරගයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 16ක ජයක් වාර්තා කරමින්.

මෙම පරාජයත් සමග ස්කොට්ලන්තයට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සියලු බලාපොරොත්තු ද අත්හැරීමට සිදු වුණා.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

මාර්ටින් ගප්ටිල් පන්දු 56කින් ලකුණු 93ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර 7ක් හා හතරේ පහර 6ක් සමගින්.

ග්ලේන් පිලිප්ස් ලකුණු 33යි. ඔවුන් දෙදෙනා අතර සිව් වැනි කඩුල්ලට පන්දු 73කින් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 105ක්.

පන්දු යැවීමේ දී Brad Wheal හා Safyaan Sharif අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි.

Michael Leask පන්දු 20කින් නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර, Matthew Cross ලකුණු 27ක් හා George Munsey ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...