මහීෂ් සහ චාමික චෙන්නායි කණ්ඩායම මිළදී ගනියි

Date:

මෙවර අබුඩාබි T 10 ලීග් තරගාවලිය සදහා එක් වන නවතම කණ්ඩායම වන චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායමට මිලදී ගෙන තිබෙනවා.

ඒ, තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හා දග පන්දු යවන ක්‍රීඩක මශීෂ් තීක්ෂණයි.

කෙසේ වෙතත්, මීට පෙර ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) එම ක්‍රීඩකයින් දෙදෙනා තෝරා ගනු ලැබුවේ මරාත ඇරබියන්ස් කණ්ඩායම විසිනුයි.

චෙන්නායි කණ්ඩායමට නිකලස් පූරාන්, යුසුෆ් පතාන්, ඩැරන් බ්‍රාවෝ, මුනාෆ් පටෙල් වැනි ක්‍රීඩකයින් ද ඇතුළත්.

පස්වැනි වරට මෙවර පැවැත්වෙන අබුඩාබි T 10 ලීග් තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 7ක්.

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් මීට පෙර එම කණ්ඩායමේ රදවා ගැනීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම වනිදු හසරංග රදවා ගැනීමට තීරණය කළේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

මරාත ඇරබියන්ස් කණ්ඩායම විසින් දුෂ්මන්ත චමීර, ධනංජය ලක්ෂාන් යන ක්‍රීඩකයින් ද සිය කණ්ඩායමට තෝරා ගත් අතර, නොදන් වොරියර්ස් කණ්ඩායම විසින් උපුල් තරංග හා බිනුර ප්‍රනාන්දු සිය කණ්ඩායමට තෝරා ගත්තා.

යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසිනුයි තෝරා ගනු ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...