එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය ගැන බ්‍රැඩ් හොග්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුමක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුවත් අද(2) දිනයේදී ගිලිහී ගිය බව අප ඔබට මීට පෙර වාර්තා කළා.

ඒ, මෙවර තරගාවලියේ 30 වන තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම බංග්ලාදේශය පරදා කඩුලු 6ක ජයක් ලැබීමත් සමගයි.

වත්මන් ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ඊයේ ලකුණු 26 ක තියුණු පරාජයකට මුහුණ දීම තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ඉවත් වීමට බලපෑ ප්‍රධාන සාධකයක් බවට ද පත් වුණා.

කණ්ඩායමේ සංයුතියේ තිබූ සුළු අඩු පාඩු හැරුණු විට නවක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රබල එංගලන්තය වෙත ඊයේ දිනයේදී එල්ල කළ අභියෝගය නිසැකවම බොහෝ දෙනෙකු අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළින් පැවතුණා.

සාජා තණතීරුවේ ලකුණු 164 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේදී පවා අවසන් පන්දුවාර කිහිපය දක්වා තරගයේ රැදී සිටීමට ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා දුන් උත්සාහය බොහෝ පාර්ශවයන්ගේ ඇගයීමට ද ලක්වුණා.

ඒ, අතරට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බ්‍රැඩ් හොග් ද අයත්.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව තමා වඩාත් සතුටු වන බවත්, මිකී ආතර් දක්ෂ තරුණයන්ගෙන් යුත් හොඳ කණ්ඩායමක් ගොඩනගා ඇති බවත් ඔහු එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.

මෙවර තරගාවලියේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායමට මේ දක්වා දැඩි අභියෝගයක් එල්ල කළ කණ්ඩායම බවට පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආඩම්බර විය හැකි බව ද ඔහු සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...