නවසීලන්තය හමුවේත් ඉන්දියාවට දරුණු පරාජයක්

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ද දරුණු පරාජයකට ලක් වීමට ඉන්දියාවට අද සිදු වුණා.

ඒ මෙවර තරගාවලියේ 28 වන තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලූ 8 ක පරාජයක් ලැබීමත් සමගයි.

ඩුබායි හි පැවැති තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නවසීලන්තයෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුණා.

ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණයි.

ඔවුන්ගේ ඉනිමේ හත්වන පන්දුවාරයේ සිට 15 වන පන්දුවාරය දක්වා කිසිදු හතරේ පහරක් වාර්තා නොවූ අතර එවැන්නක් මෙවර ලෝක කුසලානයේ දී සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාවේ වැඩිම ලකුණුලාභියා වූ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 26ක් ලබා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23ක්.

මෙම තරඟයේදී ඉන්දීය ඉනිම ආරම්භ කළේ ඉෂාන් කිෂන් සමගින්ම කේ එල් රාහුල්. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 4කට හා 18කට දැවී ගියා.

අංක 3 පිතිකරු රෝහිට් ෂර්මා පළමු පන්දුවෙන්ම ලබාදුන් පහසු උඩපන්දුවක් ඇඩම් මිල්න් අතින් ගිලිහී ගියා.

කෙසේ වෙතත්, ඔහු ද මෙම ඉනිමේ දී ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි. නායක විරාට් කෝලි පන්දු 17කින් ලකුණූ 9ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් ද, ඉෂ් සෝදි කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ජයග්‍රහි ඉලක්කය පහසුවෙන් පසු කර ගියේ පන්දුවාර 14.3ක් අවසානයේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

ඩැරල් මිචෙල් ලකුණු 49ක් හා කේන් විලියම්සන් නොදැවී ලකුණූ 33ක් රැස් කළා.

මෙම පරාජය හේතුවෙන් මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ ඉන්දියාවේ බලාපොරොත්තුද මේ වන විට අවධානමකට ලක්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...