ලකුණු සම වූ පළමු ටෙස්ට් තරගයේ නිල නොලත් වීරයා දිවි ගමනට සමු දෙයි

Date:

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇලන් ඩේවිඩ්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ඔහු මියයන විට 92 වන වියේ පසු වුණා.

1953 වසරේ දී යි ඔහු එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගනු ලැබුවේ.

ටෙස්ට් තරග 44කට ක්‍රීඩා කළ ඇලන් ඩේවිඩ්සන් එහිදී බිද හෙලූ කඩුලු ගණන 186ක්.

ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දී වටිනා අර්ධ ශතක 5ක් ද වාර්තා කළා.

ඉන් එක් අර්ධ ශතකයක් (80) ඩේවිඩ්සන් රැස් කළේ ලකුණු සම වීමෙන් අවසන් වූ ටෙස්ට් ඉතිහාසයේ පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී යි. (1960 වසරේ දී)

එම තරගයේ දී ඔහු කඩුලු 11ක් ද දවා ගැනීම විශේෂත්වයක්.

නිව් සවුත් වේල්ස් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස වසර 33ක කාලයක් කටයුතු කළ ඔහු 1979 වසරේ සිට 1984 වසර දක්වා ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...