අලීගේ සුපිරි හයේ පහරවල් 4 පාකිස්තානයට විශිෂ්ඨ ජයක් ගෙන එයි

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අඛණ්ඩව තෙවැනි ජය ද වාර්තා කිරීමට පාකිස්තානය අද(29) සමත් වුණා.

ඒ, තරගාවලියේ 24 වන තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 147ක් රැස් කළා. ඒ, ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 76 දී බිද වැටුණු පසුබිමකයි.

7 වැනි කඩුල්ල සදහා නායක මොහොමඩ් නබී හා ගුල්බදීන් නයිබ් පන්දු 45කින් නොබිදුණු ලකුණු 71ක සබදතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

ඔවුන් දෙදෙනාම නොදැවී ලකුණු 35 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉමාඩ් වසීම් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බබාර් අසාම් ලකුණු 51යි. ෆකාර් සමාන් ලකුණු 30ක් රැස් කළා.

ඉනිමේ අවසන් පන්දු 12 තුළදී ලකුණු 24ක් තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට අවශ්‍ය වූ අතර, කරීම් ජනට් යොමු කළ තරගයේ 19 වැනි පන්දුවාරයේ දී අසිෆ් අලී හයේ පහරවල් 4ක් එල්ල කරමින් පාකිස්තානයට සුපිරි ජයක් හිමි කර දුන්නා. (හයේ පහර හතරේ දර්ශන පහතින් නරඹන්න)

අලී පන්දු 7කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 25ක්.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...